වාහනයක රේඩියේටරයක් යොදා ගෙන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිසියේ නිලධාරීන් පිරිසක් සමත්වී තිබේ.
වයස අවුරුදු 60ක් වන මෙම සැකකරු විසින් ඉතාමත්ම සූක්ෂම ලෙස වැල්ලවාය වෙහෙරයාය ප්රදේශයේ ඇති සිය ගෙවත්තේ දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මෙම සැකකරු විසින් මෙම ජාවාරම සිදුකර ඇත්තේ කසිප්පු පෙරීමට යොදා ගන්නා දගරය වෙනුවට වාහනයකින් ඉවත් කළ රේඩියේටරයක් යොදාගනිමින් බව පොලිසිය පෙන්වා දෙයි. මෙම පුද්ගලයා සන්තකයේ තිබූ ගෝඩා මිලිලීටර් අනූදහසක් නීති විරෝධී මත්පැන් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.