Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

රටේ ජනගහනය අඩුවෙලා

රටේ ජනගහනය අඩුවෙලා

ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.

වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බව ඔහු සඳහන් කළේය.

ජනගහනය එසේ පහළ යෑමේ ප්‍රතිශතය සියයට දශම බිංදුවයි හයකි.

මේ අනුව කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද පිරිමි ජනගහනය හැත්තෑ හතර දහසකින්ද අඩුවී ඇත.

මේ අතර පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා මරණ සංඛ්‍යාවද 1447කින් වැඩි වී ඇතැයි ප්‍රකාශ කළේය.

එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට අටකි.

රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇතැයි එම මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *