ශල්‍ය මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 15 කටත්, කේ.එන්. 95 මුහුණු ආවරණයක උපරිම මිල රුපියල් 100 කටත් අලෙවි කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් එකඟවූ බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසි සිටියි.
මුහුණු ආවරණ ආනයනය කරුවන් හා නිෂ්පාදනය කරන්නන් සමග විශේෂ සාකච්ඡාවක් අද (18) දිනයේ පැවති අතර එහිදී මෙම එකඟත්වයට පැමිණි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ. එහිදී ඔවුන් මුහුණපාන ගැටලු ද සාකච්ඡාවට ලක්වී ඇති අතර, මුහුණු ආවරණ ආනයනය සීමා කිරීම පිළිඹදවද අවධානය යොමු වී තිබේ.