Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීමට මම ඉල්ලීම් කළා..අපිව අන්තවාදීන් විදිහට හංවඩු ගහනවා.

මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීමට මම ඉල්ලීම් කළා..අපිව අන්තවාදීන් විදිහට හංවඩු ගහනවා.

කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද කොවිඩ් නයින්ටීන් ආසාදිත මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍යවරයා,

“මේ රටේ සියලුම ජනතාවට මේක විශාල අමාරු කාලයක්. මට කෝල් 100ක් ආවොත් 99ක් කථා කරන්නේ, මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියන එක. මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හන්වඩු ගහනවා. මෙතෙන ඇති අන්තවාදයක් නෑ. ලෝකයේ රටවල් 189ක ආදාහනය ඇරුණහම භූමදානයත් ලබා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානය ලබා දීලා තියෙනවා. මුල් කාලයේ දී අපිට පොඩි බයක් තිබුණා මේ වෛරසය නොහඳුනන නිසා. නමුත් මේ පිළිබඳව මේ වෙනකොට ප්‍රමාණාත්මක යම් දැනුමක් තියෙනවා. මේක විද්‍යානූකූලව සලකා බලලා, මේ සම්බන්ධයෙන්, මේක සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන්නැයි අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම කරන එකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රටේ නිරෝධායන නීතියට අභියෝග කරනවා කියන එක.“

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *