Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්

“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්

මැටි රූපවලට කටු ගැසීම වැනි අද්භූත හා මිථ්‍යාදෘෂ්ටික ක්‍රමවේද ඔස්සේ විරෝධතා දැක්වීමට පෙළඹී සිටින ඇතැම් විපක්ෂ කණ්ඩායම්වල මානසිකත්වය සහ චින්තනය දැඩි ලෙස ප්‍රශ්න කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

පසුගිය සෙනසුරාදා (31) පැවති ජාතික විද්වත් සංවිධානයේ (NIO) ජාතික මහා සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පැරණි දූෂිත දේශපාලන සංස්කෘතියෙන් විවිධ වරප්‍රසාද භුක්ති විඳි ඇතැම් කණ්ඩායම්වලට ජාතික ජන බලවේග (NPP) රජය විසින් රට තුළ ඇතිකරමින් පවතින සාධනීය පරිවර්තනය දරාගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව සිටින බවයි.

රජයේ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ වියරු වැටී සිටින මෙම කණ්ඩායම්, වෛරී ප්‍රකාශ නිකුත් කිරීම, ගොතන ලද පදනම් විරහිත ප්‍රකාශ පැතිරවීම සහ විකාරරූපී විරෝධතා ක්‍රමවේදවල නිරතවීම සිදුකරන බවට ඒ මහතා චෝදනා කළේය.

“මැටි රූපෙකට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”
මැටි රූප තනා ඒවාට කටු ගසමින් සිදුකරන සාප කිරීමේ ක්‍රියාවන් පිළිබඳව උපහාසාත්මකව අදහස් පළ කළ ජනාධිපති දිසානායක මහතා, මැටි රූපයකට හානි කිරීමෙන් තවත් සජීවී මිනිසෙකුට වේදනාවක් ඇතිකළ හැකියැයි සිතීමට තරම් මෙහෙයවන්නේ කෙබඳු ආකාරයේ පසුගාමී චින්තනයක්දැයි ප්‍රශ්න කර සිටියේය. මෙවැනි ක්‍රියාවන්ගෙන් පෙන්නුම් කරන්නේ රට තුළ සිදුවෙමින් පවතින සැබෑ දේශපාලන පරිවර්තනය භාරගැනීමට නොහැකිව ඔවුන් පත්ව ඇති අසරණභාවය බවද ඔහු කීවේය.

එමෙන්ම ජාතික ජන බලවේග රජය විසින් අනුරාධපුර රුවන්වැලි මහා සෑය පොළොවට ගිල්වීමට සැලසුම් කරන බවට ඇතැම් පාර්ශ්ව නඟන චෝදනා දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදුටු ජනාධිපතිවරයා, මිනිසුන්ට මෙවැනි මනස්ගාත ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

සමාජ අස්ථාවරත්වය ඇතිකිරීමේ අවදානම
පැහැදිලි අරමුණු සහ දැක්මක් සහිතව ක්‍රියාත්මක වන සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාර හෝ සාමකාමී විරෝධතා රටකට කිසිසේත්ම හානිකර නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පැහැදිලි මඟපෙන්වීමක් හෝ දැක්මක් නොමැති අසංවිධානාත්මක කල්ලි විසින් සමාජය තුළ අනවශ්‍ය අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීය. එබැවින් පැහැදිලි දේශපාලන දැක්මක් සහිතව, සංවිධානාත්මක අයුරින් සිය විරෝධතා පවත්වන ලෙස ඔහු විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලා සිටියේය.

මෙවැනි අභූත ක්‍රියාකාරකම් මඟින් රජයේ ගමන්මග කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි බවත්, රට අස්ථාවර කිරීමට දරන ඕනෑම උත්සාහයක් පිළිබඳව රජය දැඩි සෝදිසියෙන් පසුවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ ආධාරකරුවන් විසින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පසුගිය ඔක්තෝබර් මස මැද භාගයේ සිට අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කර තිබූ අතර, එහිදී සෙත්කවි සහ වස්කවි ගායනා කරමින් ජනාධිපතිවරයා ඉලක්ක කර මැටි රූප භාවිතයෙන් සාප කිරීමේ වත්පිළිවෙත් සිදුකරන බවට වාර්තා පළවිය. ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදිය යුතු බවත්, එසේ නොමැති නම් ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් අදාළ පිරිස එහිදී බලකර සිටියහ. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය එල්ල වූයේ එකී සිදුවීම් පසුබිම් කරගනිමිනි.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *