Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මාතර – මත්තල අධිවේගී මාර්ග කොටසේ ගාස්තු අයකෙරෙන බවට ගැසට් නිවේදනයක්

මාතර – මත්තල අධිවේගී මාර්ග කොටසේ ගාස්තු අයකෙරෙන බවට ගැසට් නිවේදනයක්
Siribopura flyover, Hambantota

මාතර සිට මත්තල දක්වා අලුතින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ග කොටස භාවිතා කරන වාහන සඳහා ගාස්තු අය කෙරෙන බව සඳහන් කරමින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනයකට කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 750 ක් ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 850 ක්ද කටුනායක සිට මත්තල දක්වා රුපියල් 950 ක්ද ලෙස ගාස්තු අය කෙරේ.

ඇක්සල් දෙකක් සහ රෝද හයක් ඇති වාහන සඳහා කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 1400 ක්ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 1500 ක්ද කටුනායක සිට මත්තලට රුපියල් 1800 ක්ද ලෙසද ගාස්තු අයකෙරේ.

ඇක්සල දෙකට වැඩි වාහන සඳහා කොට්ටාව සිට මත්තලට රුපියල් 2400 ක්ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 2650 ක්ද කටුනායක සිට මත්තල දක්වා රුපියල් 3000 ක් ලෙසද ගාස්තු අයකරබව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා ජනාධිපති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන සහ අගමැති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන ගාස්තු වලින් නිදහස් කරන බවද එහි සඳහන් කර තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *