බෙන්තොටදී පැරමෝටර් යානයක් මුහුදට කඩා වැටීමෙන් පලස්තීන ජාතික කාන්තාවක් මරුට

බෙන්තොටදී  පැරමෝටර් (powered parachute) යානයක් මුහුදට කඩා වැටීමෙන් 31 හැවිරිදි පලස්තීන ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, ජූලි 29 වන දින බෙන්තොට පොලිස් බල ප්‍රදේශයේ වෙරළ මාර්ගය ආශ්‍රිතව පෞද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන විනෝදාත්මක පැරමෝටර් ගමනක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කාන්තාව මියගොස් ඇති අතර, පැරමෝටර් යානය පදවාගෙන ගිය කොලොම්බියා ජාතිකයා අනතුරින් දිවි බේරාගෙන තිබේ.

මියගිය කාන්තාවගේ සිරුර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *