Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් (Severe Cyclonic Storm) දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින්, අදාළ මුහුදු කලාපය සඳහා ‘රතු නිවේදනයක්’ (Red Warning) නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති මෙම පද්ධතිය නොවැම්බර් 01 වැනිදා අලුයම 5.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් (Deep Depression) බවට පත්ව ඇති අතර, එය මුලින් සුළි කුණාටුවක් බවටත්, අනතුරුව ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් තීව්‍ර වනු ඇතැයි කාලගුණ අංශ පුරෝකථනය කරයි.

මෙම පද්ධතිය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, එළඹෙන නොවැම්බර් 03 වැනිදා අලුයම 5.30 වන විට ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පැයට කිලෝමීටර් 80ක චණ්ඩ මාරුත
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අදාළ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉතා ඉහළ අගයකට වර්ධනය විය හැකි අතර, තද ගිගුරුම් සහිත වැසි සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ අතිශය රළු විය හැකි බවට අනතුරු අඟවා ඇත.

ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාදයක්
උතුරු අක්ෂාංශ 10° ත් 15° ත් සහ නැගෙනහිර දේශාංශ 80° ත් 90° ත් අතර පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැඩිව අවවාද කර සිටියි.

එමෙන්ම, මේ වන විටත් අදාළ මුහුදු කලාපවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන හෝ ගොඩබිම වෙත පැමිණෙන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටියි.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *