Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීම 2025 මුල් කාර්තුවේදී

පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීම 2025 මුල් කාර්තුවේදී

ජාත්‍යන්තරය සමග කටයුතු කල හැකි අත්දැකීම් හා අනාගතය පිළිබඳව දැක්මක් ඇති නායකත්වයක් රටට අවශ්‍ය බවත් පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීම  2025 වර්ශයේ පළමු වන කාර්තුවේදී බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ  අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

“2022 වර්ෂයේදී ඇති වූ තත්ත්වය නැවත ඇති නොවීමට කටයුතු කිරීම මෙවර ජනාධිපතිවරණයේ අරමුණයි. රටේ ආර්ථික පරිවර්තන නීතියට අනුව රට පවත්වා ගෙන යෑම  සියලුම ජනතාවගේ අරමුණ විය යුතු වෙනවා.

ජාත්‍යන්තරය සමග කටයුතු කළ හැකි අත්දැකීම් හා අනාගතය පිළිබඳව දැක්මක් ඇති නායකත්වයක් රටට අවශ්‍යයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විසින් වැරදි තීන්දුවක් ගතහොත් රට නැවත වසර 15ක් ආපස්සට ගමන් කිරීම වැලැක්ව්ය නොහැකියි.

වර්තමානයේ මෙරට තුල අල්ලස සහ දූෂණය පිටු දැකීම සඳහා අවශ්‍ය නීති රාමුව පමණක් නොව ඒ සඳහා අවශ්‍ය ආයතනයක්ද නිර්මාණය කිරීමට කටයුතු කලා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ජාත්‍යන්තර වශයෙන් ලබා දීමට කටයුතු කර තිබෙනවා.  රාජ්‍ය පාලනය ඉතාමත් විනිවිද භාවයකින් සිදු කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල්කරණයද මේ වන විට සිදු කරමින් පවතිනවා.

ජාතික ජන බලවේගය සිදු කරනුයේ වංචා දූෂණ කතා කිරීම නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරමින් ඔවුන්ට අවශ්‍ය පාලනය ස්ථාපනය කිරීමට කටයුතු කිරීම පමණයි. බවත් ජාතික ජන බලවේගය තුල ආකර්ශනීය ප්‍රකාශනයක් තිබුනත්  එහි හරයක් නැහැ.

මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් අයවැය මගින් වෙන් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය මගින් එම ප්‍රතිපාදන සම්පාදනය කිරීමට සූදානමින් සිටිනවා.

රනිල්  වික්‍රමසිංහ මහතා හැර අනික් සියලු අපේක්ෂකයන් දොස් නැගීම හා විවේචන කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා.

චීනයත් සමග ඇති කරගත් අවබෝධය තුල පවතින සංචිත ප්‍රමාණය සමඟ ඩොලර් බ්ලිියන 1.4 වෙනුවට මේ වන විට ඩොලර් බිලියන 5.6 ප්‍රමාණයක සංචිත ප්‍රමාණයක් පවතිනවා. මෙය ප්‍රමාණුකූලව කළමනාකරණය නොකල හොත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳව නොව ආනයන සීමා නැවත පැනවිය යුතු භාණ්ඩ පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවනවා.

අගෝස්තු මාසය වන විට අදියර වශයෙන් වාහන ආනයන සීමා ඉවත් කරන ආකාරය පිළිබඳව දැනුම් දෙනු ලබනවා. මුල් වටය සඳහා ව්‍යාපාර කටයුතු හා ප්‍රවාහන සේවාවට අදාල වාහන අනයනය කිරීමට අවධානය යොමු කරනවා. පෞද්ගලික වාහන ආනයනය  2025 වර්ශයේ පළමු වන කාර්තුවේදී බලාපොරොත්තු වනවා.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *