Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරිමට මහින්දගේ වැඩි කැමැත්ත?

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරිමට මහින්දගේ වැඩි කැමැත්ත?

ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයකු තෝරාපත්කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරු 4.00 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම සහය  ‍ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර  පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනවාද නොඑසේනම් එක්ව ඉදිරියට ගමන් කරනවාද නැද්ද යන්න මෙම සාකච්ඡාවේදී තීරණය වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් 12 දෙනෙකු සහ අමාත්‍යවරුන් 18 දෙනෙකු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු ස්ථාන කීපයකදී සාකච්ඡා පවත්වා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දැක්වීමට තීරණය බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිහකට අධික පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී මේ මොහොතේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දැක්විය යුතු බවද ප්‍රකාශ කර තිබේ.

එබැවින් මේ මොහොතේ පක්ෂයෙන් වෙනත් අපේක්ෂක ඉදිරිපත් කළහොත් පක්ෂය  දෙකඩ වනු ඇතැයිද ඔව්හු හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ මොහොතේ දී පක්ෂයෙන් අපේක්ෂක වූ ඉදිරිපත් නොකර සිටීමට තමන් වැඩි කැමැත්තක් දක්වන බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *