Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

පොලිස් නිලධාරියෙකු, සෙසු පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට…

පොලිස් නිලධාරියෙකු, සෙසු පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට…
Cop at sentry near GR’s Mirihana residence arrested for shooting attempt on fellow cop

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි මිරිහාන, ජෙස්වෙල් පෙදෙස හන්දියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු ටී 56 ගිනි අවියකින් සෙසු පොලිස් සැරයන්වරයෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මිරිහාන පොලිස් ස්ථානයේ සේවය කරන මෙම පොලිස් නිලධාරියා පරණ කොට්ටාව පාරේ ජෙස්වෙල් හන්දියේ තවත් පොලිස් කොස්තාපල්වරයකු සහ සැරයන්වරයකු සමඟ පාර අයිනේ මුරපොළක රාජකාරියේ යෙදී සිටි බව ය.

රාජකාරියේ යෙදී සිටියදී අදාළ පොලිස් නිලධාරියාට නින්ද ගොස් ඇති බවත්, රාජකාරියේ දී සැළකිලිමත් වන ලෙස පොලිස් සැරයන්වරයා ඔහුට මතක් කර දුන් බවත් වාර්තා විය.

තම ජ්‍යෙෂ්ඨයාගෙන් මේ බව දැනගත් ඔහු කෝපයට පත් වී සැරයන්වරයා දෙසට තම ප්‍රහාරක රයිෆලය එල්ල කළ බව පැවසෙන නමුත් කිසියම් විපතක් සිදුවීමට පෙර අසල සිටි පොලිස් පරීක්ෂකවරයකු විසින් එම අවිය වහාම උදුරා ගන්නා ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *