පුවිතරන් නව ශ්‍රී ලංකා රිටි පැනීමේ වාර්තාව පිහිටුවයි

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ ජාතික මලල ක්‍රීඩක අරුන්තවරාසා පුවිතාරන් රිටි පැනීමේ පිරිමි ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහ ආසියානු ක්‍රීඩා උළෙලට පෙර සූදානමක් ලෙස දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංවිධානය විසින් සංවිධානය කරන ලද තේරීම් අත්හදා බැලීම්වලදී මෙම ජයග්‍රහණය වාර්තා විය.

පුවිතරන් මීටර 5.18ක් දුර පනිමින් ඔහු විසින් පිහිටුවා තිබූ පෙර ජාතික වාර්තාවද අභිබවා යාමට සමත් වූ අතර එම ඉසව්වේ නව ශ්‍රී ලංකා ලකුණක් පිහිටුවීය. එම ඉසව්වේ දී එම්.එච්.ඒ. ගුවන් හමුදාවේ සඳරුවන් මීටර් 4.80ක දුරක් නිෂ්කාශනය කරමින් දෙවැනි ස්ථානයට පත් වූ අතර එච්.එස්.ඊ. ජනිත් ද ගුවන් හමුදාව නියෝජනය කරමින් මීටර් 4.60ක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *