Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

පිළියන්දල-කැස්බෑව බයිපාස් මාර්ගයේ ගංවතුර අවදානම අඩු කිරීමට නව ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

පිළියන්දල-කැස්බෑව බයිපාස් මාර්ගයේ ගංවතුර අවදානම අඩු කිරීමට නව ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

පිළියන්දල-කැස්බෑව බයිපාස් මාර්ගය ආශ්‍රිතව වැසි ජලය බැස යාම විධිමත් කිරීම සහ පරිසර තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

නාගරීකරණය හේතුවෙන් ප්‍රදේශයේ ස්වාභාවික ජල ප්‍රවාහ රටාවන් වෙනස් වී ගංවතුර අවදානම ඉහළ යාම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මාර්ග අංක 120 ලෙස හැඳින්වෙන පිළියන්දල-කැස්බෑව බයිපාස් මාර්ගය ආශ්‍රිතව පසුගිය දශකය තුළ සිදුකළ පිළියන්දල බස් නැවතුම්පොළ ඉදිකිරීම ඇතුළු විවිධ නාගරික සංවර්ධන කටයුතු හේතුවෙන් ප්‍රදේශයේ ස්වාභාවික ජලාපවහන රටාවන් සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බව නිලධාරීන් පෙන්වා දී තිබේ.

විශේෂයෙන් පහත් බිම්වල පිහිටි කුඹුරු ඉඩම් ගොඩ කිරීම හේතුවෙන් වැසි ජලය ස්වාභාවිකව රඳවා ගැනීමට පස සතු හැකියාව අඩුවී ඇති බව සඳහන් වේ. ඒ හේතුවෙන් මතුපිටින් ගලා යන ජල ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, සුළු වර්ෂාපතනයකදී පවා ගංවතුර තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩි වී තිබේ.

මෙම ගැටලු විසඳීම සඳහා නව ව්‍යාපෘතිය යටතේ,

  • පවතින ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම,
  • ඇළ මාර්ග සඳහා බැමි ඉදිකිරීම,
  • බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම සහ නව බෝක්කු ඉදිකිරීම,
  • ජලය රඳවා තබා ගත හැකි ප්‍රදේශ ස්ථාපිත කිරීම,
  • පරිසර සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා නම් කිරීම

යන කටයුතු සිදු කිරීමට නියමිතය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *