පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ප්රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් නම් කර ඇත.
නීතීඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.


