Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට බහුතරය නැතිවීමේ ලකුණු

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට බහුතරය නැතිවීමේ ලකුණු

පාර්ලිමේන්තුව තුළින් ආණ්ඩුව පෙරළා දමන්නේ කෙසේදැයි 43 සේනාංක නායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ හෙළිදරව් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම සඳහා තවත් ඇත්තේ මන්ත්‍රී ආසන 3 ක වෙනසක් පමණක් බවය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන්  සිදු කරන විවේචන මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිට පසුගියදා අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත් කරන ලද විමල් – ගම්මන්පිල ප්‍රමුඛ පක්ෂ 11 සන්ධානය බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් දැන් සිදු කරන ප්‍රකාශ සැබෑ අවංක විවේචනයන් නම්, සමගි ජන බලවේගය තුළ සිටින පැහැදිලිව වත්මන් ආණ්ඩුව එළවා දැමීම සඳහා අවංකව කටයුතු කරන අය යන මේ සියල්ලන් පාර්ලිමේන්තුව තුළ වත්මන් ආණ්ඩුවට එරෙහිව අවංකව කටයුතු කරන්නේ නම් ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම පැහැදිලිව නුදුරේදීම සිදු විය හැක්කක් බව රණවක මහතාගේ අදහසය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රණවක මහතා පෙන්වා දුන්නේ ද  රාජපක්ෂවරු යවන ක්‍රමය ගැන කතා කරන සර්වපාක්ෂික සමුළුවක් තිබේ නම් තමන් ඉතා කැමැත්තෙන් ඊට සහභාගී වන බවය. එක්සත් ජාතික පක්ෂයන් විසින් සංවිධානය කරන ලද සත්‍යග්‍රහයට එක්වූ 43 සේනාංකය ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම රාජපක්ෂවරු නොවන ආණ්ඩුව තුළ සිටින කණ්ඩායම් ආරාධනා කළහොත් 43 සේනාංකය ඒ අය සමග කටයුතු කිරීමට සූදානමින් සිටින බවය.

“රටට දැන් අවශ්‍යයි පුළුල් සන්ධානයක්. පොදු එකඟතාවයක්. මේ අර්බුධයෙන් ගැලවෙන්න මේ තනි මතවලට, තනි ගමන් වලට වඩා සාමූහික ප්‍රයත්නයක් රටට දැන් අවශ්‍යයි. එකිනෙකට වෙනස් මත තියෙන අය එකතු කරගන්න එක ඉතාම දුෂ්කර දෙයක්  . නමුත් මේ මොහොතේ රටට අවශ්‍ය කාරණය ඒක තමයි. ඒ සඳහා අපි එක්සත් ජාතික පක්ෂය එක්ක විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂවරු නොවන වෙනස් අදහස් දරන ප්‍රගතිශීලී සියලු දෙනා එක්කම කටයුතු කරන්න සූදානම්.”

ඛණිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් දක්වන පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ දිනපතා ඉන්ධන මිල වැඩි කිරීමේ ක්‍රියාදාමයකට ආණ්ඩුව දැන් පෙළඹී ඇති බවය. අයිඕසී සමාගම වෙත රුසියාව විසින් තෙල් ලබාදෙන්නේ වෙළෙඳපොලේ පවතින මිලට ඉතා අඩු මිලකටය. එසේ අඩුමිලට ලබාගනිමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත අධික මිලකට ඉන්ධන අලෙවි කරන අයි ඕ සී සමාගම ඉන් ලබන්නේ දැවැන්ත ලාභයක් බව රණවක මහතා හෙළිදරව් කළේය.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව ද අයි ඕ සී ය වෙතින් තෙල් ලබාගන්නා පසුබිමක් තුළ අයි ඕ සීය ලබන අධික ලාභය සිපෙට්කෝව වෙත ලබාගැනීමේ වැඩපිළිවෙලක් සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ කුමන හේතුවක් නිසා දැයි රණවක මහතා ප්‍රශ්න කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *