Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

පාකිස්තානයට යන්න වැඩි දෙනෙක් බෑ කියති

පාකිස්තානයට යන්න වැඩි දෙනෙක් බෑ කියති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 2009 වසරේ ලාහෝර්හිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පූර්ණ තරගාවලියක් සඳහා පාකිස්තානයට යන පළමු අවස්ථාව මෙය වේ.

එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙක් එළැඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත පාකිස්තාන සංචාරයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති අතර ඔවුන් සියලු දෙනාම පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියෙන් ඉවත්වන බව දන්වා ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

අදාළ තරගාවලිය සඳහා එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් ඇතුළත් වන අතර එසේ කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කළ සෙසු ක්‍රීඩකයින් අතර ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අකිල ධනංජය, ධනංජය ද සිල්වා මෙන්ම සුරංග ලක්මාල් යන ක්‍රීඩකයෝ වෙති.

ඒ අනුව ළහිරු තිරිමාන්න එක්දින නායකයා වශයෙනුත්, විස්සයි විස්ස නායකයා වශයෙන් දසුන් ශානකත් සංචාරය සඳහා එක්වීමට නියම කර ඇත. මීට ඉහතදී 2017 වසරේ පාකිස්තානයේ පැවැති විස්සයි විස්ස තරගයක් සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රාශියක් සහභාගි නොවීම හේතුවෙන් එම තරගය සඳහා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පිටත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

මීට ඉහතදී පාකිස්තාන සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා සහ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක රොෂාන් ගුණතිලක ඇතුළු සිව්දෙනෙක් ලාහෝර්, කරච්චි සහ ඉස්ලාමාබාද් ප්‍රදේශයන්හි ආරක්ෂක තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා ඉකුත් දා පාකිස්තාන සංචාරයකද නිරතව සිටියේය.

තරගාවලියට අයත් ටෙස්ට් තරග දෙක පාකිස්තානයේ පැවැත්වීමට මුලින් යෝජනා වී තිබුණත්, වැඩි කාලයක් පාකිස්තානයේ ගත කිරීම අවදානම් බැවින් එක්දින සහ විස්සයි විස්ස තරග පමණක් එහි පැවැත්වීමට කටයුතු කළ බවට වරෙක ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.

එක්දින තරගාවලියේ පළමු තරගය 27 වැනිදා ආරම්භ වන අතර 29 වැනිදා දෙවැනි තරගයද, ඔක්තෝබර් 2වැනිදා තුන්වැනි තරගයද පැවැත්වීමට නියමිතය. විස්සයි විස්ස තරග තුන ඔක්තෝබර් 5, 7 සහ 9 යන දිනවල ලාහෝර් හිදී පැවැත්වේ.

(Image – The Cricket Times)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *