රුසියානු නායක පුටින් සිය සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා ජනාධිපති තනතුර හැර යාමට අදහස් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු පාකින්සන් රෝගයෙන් පෙලෙන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඉහත රෝගී තත්ත්වය නිසා 68 වන වියේ පසුවන ඔහුගේ අත් වේව්ලීම , පය පැකිළීම සහ අමතක වීම වැනි සංකූලතා පෙන්නුම් කරනවා.
මේ වන විට ඔහු වසර 16 කට ආසන්න කාලයක් රුසියාවේ නායකත්වය හොබවා තිබෙනවා.