උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ ඇම්බර් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මෙම නිවේදනය අගෝස්තු 2 වනදා පෙරවරු 11.30 දක්වා වලංගු වේ.
ක්‍රියාකාරී නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හානි වූ වහල, කඩා වැටෙන ගස් සහ විදුලි රැහැන් හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, ඇතිවිය හැකි දැඩි කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන අනතුරු ඇඟවීම් සහ උපදෙස් පිළිපදින ලෙසද ජනතාවගෙන් ඉල්ලා තිබේ.


