පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේදී ඊයේ සවස දිය නාමින් සිටියදී අතුරුදන් වූ කාන්තාවකගේ සහ දැරියන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියේදී දියේ ගිලී අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මියගිය අය අතර 35 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 4ක් හා 12ක් වන දැරියන් දෙදෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කළේය.


