නීති විරෝධී ලෙස අලෙවි කිරීමට ගෙන ගිය ඖෂධ පෙති 400ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවට සැක කෙරෙන ඖෂධ පෙති 400ක් සමඟ 25 හැවිරිදි තරුණයෙකු ඊයේ (29) අනුරාධපුරයේදී නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයට ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර ඇත.

ඒ අනුව නාවික හමුදා නිලධාරීන් සහ අනුරාධපුර පොලිසිය එක්ව මාතලේ හන්දිය ප්‍රදේශයේදී සිදුකළ සෝදිසියකදී සැකකරු සතුව තිබූ ඖෂධ පෙති 400 සොයාගෙන ඇත.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ඖෂධ පෙති තොගය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ සැකකරු සහ අත්අඩංගුවට ගත් ඖෂධ පෙති වැඩිදුර නීතිමය කටයුතු සඳහා අනුරාධපුර පොලිසිය වෙත භාරදුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *