Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

නිකාබ් – බුර්කා තහනම ඉවත් කිරීමට එරෙහිව හෙළ උරුමය නැගිටියි – පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයටත් අවමානයක් බව කියයි

නිකාබ් – බුර්කා තහනම ඉවත් කිරීමට එරෙහිව හෙළ උරුමය නැගිටියි – පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයටත් අවමානයක් බව කියයි

මීට මාස පහකට පෙර එල්ල වූ පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව බුර්කා සහ නිකාබ් වැනි සම්පූර්ණ මුහුණම ආවරණය කරනු ලබන ඇඳුම් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීම පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයටද කරන අවමානයක් බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ නීතිය මේ වන විට තවදුරටත් බලපවත්වන්නේ නොමැති බව දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ දැඩි අවධානය යොමුව ඇති බවත් පසුගිය අපේ‍්‍රල් මස 21 වෙනිදා එල්ල වූ බිහිසුණු සහ ම්ලේච්ඡු ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා එතෙක් පොදු සමාජයේ එතරම් අවධානයකට ලක් නොවූ ඉස්ලාම් අන්තවදය පිළිබඳ විශාල සංවාදයක් ආරම්භ වූ බවත් එහිදී විශේෂයෙන් සාකච්ඡා වූ කරුණු දෙකක් වන්නේ ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදයට හේතු වූ ආගමික අන්තවාදී රැඩිකල්කරණය ආපසු හැරවීම සහ මෙබඳු ත‍්‍රස්ත ප‍්‍රහාර අනාගතයේ එල්ල වීම වළක්වා ගැනීම බවත් ජාතික හෙළ උරුමය එම නිවේදනයේ පෙන්වා දෙයි.

බුර්කා සහ නිකාබ් වැනි ඇඳුම් තහනම් කිරීමට තීරණය කරන ලද්දේ එය එම කරුණු දෙක සම්බන්ධයෙන්ම තීරණාත්මක වීම නිසා බැවින් මෙම තහනම ඉවත්කිරීම දැඩිව හෙළා දකින බව එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

“මුස්ලිම් සමාජය ඉතා හානිකර ත‍්‍රස්තවාදයක් කරා ගමන් කළේ මේ බුර්කාව වැනි අංග ඇතුලත් වූ අලූතෙන් හඳුන්වා දෙන ලද උමතු ආගමික අන්තවාදයෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව මුස්ලිම් සමාජය නිර්-අරාබිකරණය කිරීම සහ නිර්-රැුඩිකල්කරණය කිරීම, ඉස්ලාම් ආගමික ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙහිලා අත්‍යාවශ්‍යය යන අදහස මධ්‍යස්ථ ඉස්ලාම් භක්තිකයන් විසින් පවා මතු කරනු ලැබිණ.

අනෙක් අතට, බුර්කා සහ නිකාබ් වැනි ඇඳුම් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජු බලපෑමක් කරන බව බොහෝ දෙනා විසින් පෙන්වා දෙනු ලැබීය. පුද්ගලයෙකු පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව මෙබඳු ත‍්‍රස්තවාදී තර්ජනයකට මුහුණ දී ඇති රටක අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුර්කා සහ නිකාබ් තහනම පනවන ලද්දේ මේ කරුණු දෙක ඉතා බැරෑරුම්ව සලකා බැලීමෙන් අනතුරුවය.

ඊට අමතරව ඉස්ලාම් අන්තවාදය විසින් අති බිහිසුණු සහ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කොට ඇති පසුබිමක, එම අන්තවාදයේ ඍජු ප‍්‍රකාශනයක් සහ සංකේතයක් වන ඇඳුමකට ඉඩ දීම සමාජය තුළ අසහනයක්, කෝපයක් සහ වෛරයක් ඇති වීමට හේතු වන බවද පැහැදිලි වී තිබුණි. ඒ අනුව මේ නොගැලපෙන ඇඳුම තහනම් කිරීම ජනවර්ගයන් අතර සංහිඳියාව අත්‍යවශ්‍ය පියවරක් විය.

මේ කිසිදු තත්ත්වයක් තවම වෙනස් වී නොමැත. විශේෂයෙන්ම පාස්කු දින ප‍්‍රහාරයේ බියකරු මතකය ඉවත්ව යන්නට තරම් කාලයක් තවම ගත වී නැත. එබඳු පසුබිමක යළිත් බුර්කා සහ නිකාබ් ඇඳුමට ඉඩදීම එම ප‍්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන්ට කරන මහත් අවමානයකි. එමනිසා හදිසි කටයුත්තක් ලෙස සලකා මේ ඇඳුම ස්ථිර ලෙස තහනම් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප‍්‍රමුඛ රජයෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු. එය තවදුරටත් පමා කිරීම මගින් බිහිසුණු ප‍්‍රතිඵල ඇති වීමේ විශාල ඉඩක් ඇතිබවද පෙන්වා දීමට කැමැත්තෙමු.“

අදාළ නිවේදනය ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ලේකම් අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

(Image – Daily Mirror)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *