Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට ජනපතිගෙන් සැලසුම්

නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට ජනපතිගෙන් සැලසුම්

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවෙන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආයතන, මාර්ග සංවර්ධන අධිකාරියේ, ආයෝජන මණ්ඩලයේ සහ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සමග අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජන ජීවිතය යතා තත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමග කලින් ඇණ හිට තිබූ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළයුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
විදෙස් ණය නොගෙන ආයෝජනවලින් පමණක් නව සංවර්ධන වැඩ සිදු විය යුතු බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය. සියලු ව්‍යාපෘති දේශීය ප්‍රතිපත්තියකට අනුකූල විය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ. සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනා ගනිමින් අත්පත් කර ගැනීමට ද සාකච්ඡා විය. අඩු, මධ්‍ය සහ ඉහළ ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම ද ඇරඹේ. විදෙස්හි සිට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් සියලු පහසුකම් සහිත නිවාස ඉදිකර කුලී පදනම මත ලබාදීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

විවිධ හේතුන් මත ඉදිකිරීම් නතර කර ඇති, කොළඹ නගරය ආශ්‍රිත සියලු මහා පරිමාණ ගොඩනැගිලි සහ සංවර්ධන කටයුතු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර කඩිනමින් යළි අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. කොළඹ සහ සෙසු නගර යා කරමින් ඉදිකිරීමට අපේක්ෂිත මාර්ග පද්ධතියේ වැඩ වේගවත් කිරීමට ද තීරණය විය. ප්‍රයෝජනයට නොගත් භූමි හඳුනා ගනිමින් සංවර්ධනය කර ඇති මංතීරු දෙපස පරිසර හිතකාමී කෘෂි කටයුතු ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කෙරිණ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *