ආරක්ෂිත, ජනතා කේන්ද්‍රීය සහ තිරසර නාගරික ප්‍රදේශ නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන නව “ජීව නගර” සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 65ක මුදලක් රජය වෙන් කර තිබේ.
2026 අයවැය යෝජනාවට අනුව නාගරික සංවර්ධනය සඳහා නව ප්‍රවේශයක් හඳුන්වාදීමේ අරමුණින් මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
වැඩසටහනේ පළමු අදියර යටතේ මාතර, මඩකලපුව, මාතලේ, වවුනියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන නගර 10 සංවර්ධනය සඳහා තෝරාගෙන තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ දිවයින පුරා නගර 26ක සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 65ක් වෙන් කර ඇති බවයි.
ඉදිරි මුදල් වෙන්කිරීම් සංවර්ධන කටයුතුවල ප්‍රගතිය මත තීරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
“අවශ්‍ය මුදල් අපි දැනටමත් වෙන් කරලා තියෙනවා. හෙට ඉඳන් වැඩ පටන් ගන්න” යැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පළාත් පාලන ආයතන නියෝජිතයන්ට පැවසීය.
එමෙන්ම ඉදිරි මුදල් වෙන්කිරීම් නගරාධිපතිවරුන් ඇතුළු පළාත් පාලන බලධාරීන් විසින් පෙන්වන සංවර්ධන ප්‍රගතිය මත තීරණය කරන බවද ඔහු පැවසීය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ නාගරික සංවර්ධනය ගොඩනැගිලි ඉදිකිරීමට පමණක් සීමා නොවිය යුතු බවයි.
මිනිසුන්ට මෙන්ම සතුන්ටද ආරක්ෂිතව ජීවත් විය හැකි සහ සියලු දෙනාට තමන්ට අයත් ස්ථානයක් ලෙස හැඟෙන නගර නිර්මාණය කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ බොහෝ දුරට නිසි සැලසුමකින් තොරව සංවර්ධනය වී ඇති බවත්, ජනගහනයෙන් සියයට 44.5ක් එවැනි නාගරික ප්‍රදේශවල ජීවත් වන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
වැඩසටහන සඳහා නගර තෝරා ගැනීමේදී විනිවිදභාවයෙන් යුත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් භාවිත කළ යුතු බවද ඇය අවධාරණය කළාය.
එමෙන්ම සෑම නගරයකටම ආවේණික අනන්‍යතාව හඳුනාගෙන එය සැලකිල්ලට ගනිමින් එක් එක් නගරයට අදාළ සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය ප


