Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ධිවර දැලක සිරවී සිටි‍ කැස්බෑවන් 15 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

ධිවර දැලක සිරවී සිටි‍ කැස්බෑවන් 15 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් ඊයේ (10) තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි කැස්බෑවන් 15 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කරන ලදි.

වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවුන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරනු ලබන නාවික හමුදාව ඊයේ තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි කැස්බෑවන් 17 දෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. එහිදී කැස්බෑවන් දෙදෙනෙකු (02) මියගොස් සිටි අතර ඉතිරි කැස්බෑවුන් සියළු දෙනාම ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට කටයුතු කරන ලදී.

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

(ඡායාරූප උපුටා ගැනීම: ශ්‍රී ලංකා නාවික හමුදා වෙබ් අඩවියෙන්)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *