දෙමටගොඩින් කෝටි 40ක කුඩු අල්ලයි

රුපියල් කෝටි 40 කට අධික වටිනා මත්ද්‍රව්‍යය තොගයක් සමග පුද්ගලයකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍යය කිලෝ 39 ක් හා කේරල ගංජා කිලෝ 05 ක් පොලිස් භාරයට ගෙන ඇත.

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසය ආසන්නයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *