Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

දුම්රිය මග දෙපස දුම්රිය රක්ෂිතවල සිටින පදිංචිකරුවන්ට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක්

දුම්රිය මග දෙපස දුම්රිය රක්ෂිතවල සිටින පදිංචිකරුවන්ට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක්

දුම්රිය මාර්ග පද්ධතියට ආසන්නයේ සිටින හා දුම්රිය රක්ෂිතවල පදිංචිව සිටින පදිංචිකරුවන්ට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙළවලක් ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බව ප්‍රවාහන කළමණාකරණ ඇමති මහින්ද අමරවීර මහතා අද (27) පැවසීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කැලණිවැලි නව දුම්රිය මාර්ගය ඉඳිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමේ දී නිවාස අහිමි වු පවුල් 70ක් සඳහා නව නිවාස ලබා දීමේ උත්සවයක් අමතමිනි.

වැඩීදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවේ, මේ වන විටත් දුම්රිය දෙපාර්තමෙන්තුව මැදහත් වී තවත් නිවාස 120 ඉදිකිරිම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනිමට ලියකියවිලි සකසමින් පවතින බවය.

විශේෂයෙන් ම මෙම දුම්රිය රක්ෂිතයන් අවට ඇති බොහෝ නිවාස අනවසර පදිංචිකරුවන්ගේ වන අතර එහි බොහෝ දෙනාට ඉඩම් ඔප්පු නොමැති බවත්, නිසි අයිතියක් පවා නොමැති බවත්ය.එසේ වු විට බොහෝ රජයන් කරන්නේ නඩු දමා එම නිවාස වලින් ඉවත් කිරීමයි. එහෙත් වත්මන් ජනාධිපතිවරයා එසේ නොකොට, එය රජයේ වගකීමක් ලෙසින් සළකා වන්දියක් පමණක් ලබා දී ඉවත් නොකර නිවසක් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය

මරාදානේ සිට පාදුක්ක දක්වා කොටසෙ හි දුම්රිය අනාරක්ෂිතය තුළ අනවසර නිවාස 1600ක් පමණ තිබෙන අතර මෙම ව්‍යාපාතිය යටතේ, නැවත පදිංචි සඳහා අවශ්‍ය නිවාස 1244 ක් නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නාගරික පූනර්ජිවන ව්‍යාපෘතිය මඟින් ලබා ගැනීම සඳහා දැනටමත් ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය ගිවිසුම් ගත වී ඇති අතර එහි පළමු නිවාස 384කින් යුත් මහල් නිවාස සංකිර්ණය මාලිගාවත්ත ලක්හිරු සෙවන නිවාස ව්‍යාපෘතිය ලෙසින් ඉදිවී පවතී. මෙහි මුල්‍ය දායකත්වය ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දුම්රිය දියුණු කිරීම සඳහා විශාල ව්‍යාපාති රැසක් ආරම්භ කර ඇති බවත්, එහි එක් ව්‍යාපෘතියක් ලෙස මහනුවර දි ඊයේ (26) ආරම්භ වු විදුලි දුම්රිය ව්‍යාපෘතිය, කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම හැදින්විය හැකියි.

දෙපාර්තමේන්තුවට එල්ලවන ප්‍රධාන චෝදනාවක් තමයි, වෙලාවට දුම්රිය ධාවනය නොවන එක. එසේ විමට හේතු රැසක් බලපාන බව ඇමතිවරයා කීය. කොපමණ පාලම් පාරවල් සෑදුවත් මාර්ග තදබදය අඩු කළ නොහැකි බවත් ඒ සඳහා ශක්තිමත් ප්‍රවාහන සේවයක් තිබිය යුතු බවත්, ඒ යටතේ දුම්රිය සේවය ද තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *