දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් අද (17) වයස අවුරුදු 22 ක පිරිමි සහ ගැහැණු ළමයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කිසියම් පිරිසක් දුම්රිය මාර්ගය හරහා යාමට උත්සහ කිරීමේදී මෙම අනතුරු සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ