Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

දිස්ත්‍රික්ක 25න්ම ඊයේ කොවිඩ්-19 ආසාදිතයින්

දිස්ත්‍රික්ක 25න්ම ඊයේ කොවිඩ්-19 ආසාදිතයින්

මෙරට දිස්ත්‍රික්ක 25න්ම ඊයේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 63 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2,275ක් වෙයි.

ඊයේ දිනයේදීත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන අතර එම ගණන 438කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 410 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 241 දෙනෙකු වාර්තාවීමත් සමඟ බස්නාහිර පළාතේ දෛනික ආසාදිතයින් ගණන 1,089 ක් බව දත්ත අනුව පෙනීයයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී දෛනික ආසාදිතයින් ඉහළ අගයක් ගනු ලැබූ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේ ආසාදිතයින් 261 දෙනෙකු වාර්තා වී තිබේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 179 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 138 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 100 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 84 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 දෙනෙකු ද ඊයේ හඳුනාගෙන තිබුණි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ තවදුරටත් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *