Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ත්‍රස්තවාදය පරාජය කොට අද දිනට 12 වසරකි

ත්‍රස්තවාදය පරාජය කොට අද දිනට 12 වසරකි

වසර 30 කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට 12 වසරක් සපිරෙයි.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විරෝධාර රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්විය.

ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනීමේ ගෞරවය ද ඒත් සමගම මෙරට ආරක්ෂක අංශ වෙත හිමිවේ.

මානුෂීය මෙහෙයුම සඳහා නායකත්වය දුන් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා ලෙසත්, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසත් වර්තමානයේ කටයුතු කිරීම විශේෂත්වයකි.

එමෙන්ම යුද හමුදාවේ සේනාංකාධිපතිවරුන් ලෙස කටයුතු කරමින් මානුෂීය මෙහෙයුමේ පෙරමුණේ සිටි ජෙනරාල් කමල් ගුණරත්න මහතා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා ලෙසත් කටයුතු කරනු ලබයි.

එමෙන්ම එවකට සේනාංක භාරව කටයුතු කළ මෙන්ම යුද ජයග්‍රහණය සඳහා සෘජුව දායකත්වය ලබාදුන් ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානීන් ද මේ වනවිටත් මෙරට සිවිල් ජන ජීවිතය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා වත්මන් රජයට සහයෝගය ලබාදෙමින් කටයුතු කිරීම විශේෂත්වයකි.

මානුෂීය මෙහෙයුම අතරවාරයේදී විරෝධාර රණවිරුවන්ගේ ජීවිත රැසක් මාතෘ භුමියට අහිමි වුණි.

එමෙන්ම තවත් විශාල පිරිසක් ආබාධ තත්ත්වයට පත්ව සිටී.

12වන යුද සැමරුම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, “ශ්‍රී ලාංකීය ජනතාවට යහපත් හෙට දිනයක් උදා කරලීමේ උත්තරීතර කාර්යය වෙනුවෙන් දිවි පිදූ සහ තාරුණ්‍ය කැප කළ සියලුම විරෝධාර රණවිරුවන් හදවතින්ම අදවන් දිනක සිහිපත් කළ යුතුව තිබෙනවා,” යනුවෙන් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *