Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

‘තවත් සුළු පක්ෂ 20ක් පමණ ගෝඨාභය සමග එක්වනවා‘ – අමරවීර කියයි

‘තවත් සුළු පක්ෂ 20ක් පමණ ගෝඨාභය සමග එක්වනවා‘ – අමරවීර කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සුළු දේශපාලන පක්ෂ 20ක පමණ සහයෝගය ඉදිරියේ දි ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. අද(15) පෙරවරුවේ  කොළඹ පැවති  මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඇල්පිටිය ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 5000 කට වැඩිය ලබා දෙමින් සියයට 13 ක ප්‍රතිශතයක් වාර්තා කරමින් බලාපොරොත්කු වුණාටත් වඩා හොඳ ප්‍රතිඵලයක් හිමි වු බවද අමරවීර මහතා පැවසීය. එයින් ඉතා පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වෙන ජනතාවක් රටපුරා සිටින බව පෙනී යන බවත් පැවසු ඒ මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහිදී නායකත්වය ලබා දුන් වර්තමාන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි බවද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා බාර දීමෙන් පසුව පළමුව ගියෙත් ඇල්පිටියට බව කියා සිටි මහින්ද අමරවීර මහතා, එක්සත් ජාතික පක්ෂය තිබුණු ඡන්ද පදනමිනුත් පහළට ගිය බව පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර ඡන්ද ප්‍රතිශතය සියයට 69 දක්වා ඉහළ ගිය බවත්, එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේ තීරණාත්මක සාධකය බවට පෙනී යන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

තොණ්ඩමන් මහතාගේ එකතු වීම සමඟ තවත් ඡන්ද ලක්ෂ ගණනක් සන්ධානය සමඟ එකතු වු බවත් පැවසු අමරවීර මහතා, ඉදිරි දිනවල දී තවත් පක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සමඟ බැඳී කටයුතු කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සහය දැක්වීමට එකඟතාවයට පළ කර ඇතැයි ද පැවසීය.

(අද දෙරණ ඇසුරිනි)

අදහස් (1)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *