යුද හමුදාවට නායකත්වය දුන්නේ හමුදාපති – ගෝඨාභය කියයි (වීඩියෝ සහිතයි)

යුද්ධය පැවැති කාලයේ ශ්‍රී ලංකා ‌යුද හමුදාවට නායකත්වය දුන්නේ තමන් නොව එවකට සිටි හමුදාපති සරත් ෆොන්සේකා බව ශ්‍රී ලංකා පොදුජන ‌පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අද(15) මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ‌කොළඹ ශැංග්‍රිලා ‌හෝටලයට පැමිණි අවස්ථාවේ දී ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත් පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන්ගේ පැනයකට පිළිතුරු දෙමිනි.

ඇය එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි ප්‍රශ්නය හා ගෝඨාභය මහතා ඊට දුන් පිළිතුරු මෙසේය.

මාධ්‍යවේදිනිය – “ඔබ විසින් නායකත්වය ලබාදුන් යුද්ධය පැවැති කාලය අතරතුරදී අත්අඩංගුවට ගත් හෝ හමුදාවට බාරවුණු එල්ටීටීඊ අයට සිදුවූයේ කුමක්ද ?

ගෝඨාභය – (සිනාසී) ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබාදුන්නේ මම නොවෙයි.

මාධ්‍යවේදිනිය –  එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ නම් එහි තත්ත්වය ?

ගෝඨාභය – යුද්ධයට නායකත්වය දුන්නේ මමවත් මගේ සහෝදරයාවත් නොවේ. එයට නායකත්වය දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපතියි.

මාධ්‍යවේදිනිය – ඔබ ආරක්ෂක ලේකම් ලෙස හිටියා

ගෝඨාභය – හමුදාවට බාරවුණු අය පුනරුත්ථාපනය කර සමාජගත කළා

එහි වීඩියෝව පහතින් – (උපුටා ගැනීම “අපේ රට“)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *