Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජනාධිපතිවරයාගේ නිල කාලය වසරකින් අඩු නොකළානම් අදත් ජනපති මම – මෛත්‍රී

ජනාධිපතිවරයාගේ නිල කාලය වසරකින් අඩු නොකළානම් අදත් ජනපති මම – මෛත්‍රී

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුනානම් තමන් තවමත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කදුරුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ජනාධිපතිවරයාට තිබු අසීමිත බලතල මම පාර්ලිමේන්තුවට දුන්නා. ස්වාධීන කොමිසන් සභාවලට හා අධිකරණවලට දුන්නා. ජනාධිපතිවරයාගේ නිල කාලය වසරකින් අඩු කළා. එසේ නොකළානම් අදත් ජනපති මම. එහෙම නම් මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙයි ඡන්දේ තියන්න ඕනේ.

19 සම්මත කරන්න මම උපරිමයෙන් වෙහෙසුනා. අද ඒ ගැන විවේචන රැසක් තිබෙනවා. 19 වන සංශෝධනයට අද මමත් එයට විරුද්ධයි. ව්‍යවස්ථාවේ අවුල් රාශියක් 19 නිසා ඇති වුණා.

ඒ නිසා රට ඉදිරියට යන්න ව්‍යවස්ථා සංශෝධයක් ඕනේ. බහුතරය නොමැතිව එය කරන්න බැහැ. රටට ආදරේ සියලු දෙනා අලුත් ආණ්ඩුවට සහාය දෙන්න ඕනේ. නව ජනාධිපතිතුමා අවංක නායකයෙක්. අවංක නායකයෙකුට අපි සහාය දෙන්න ඕනේ.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *