2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වූ විභාගය අභියාචනාධිකරණය අද අවසන් කළේය.
පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබාදෙන්නේද යන්න පිළිබඳ නියෝගය සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අධිකරණය දැනුම් දුන්නේය.
එමෙන්ම, නඩුවට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා අගෝස්තු 31 වැනිදාට පෙර ගොනු කරන ලෙසද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.


