Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ගොවියා රැකෙන පාරිභෝගිකයාට සහන සැලසෙන වැඩපිළිවෙලක් කඩිනමින් සකසන්න – ජනපති

ගොවියා රැකෙන පාරිභෝගිකයාට සහන සැලසෙන වැඩපිළිවෙලක් කඩිනමින් සකසන්න – ජනපති

අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

අධික එළවළු මිල ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා තිබේ. එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී කියා සිටියේය.

එළවළු වගා කරන ප්‍රදේශවල සිට දඹුල්ලට එළවලු ගෙන එනු ලැබේ. ඉන් පසු දඹුල්ලේ සිට නැවත මුල් ප්‍රදේශවලටම එළවළු බෙදා හැරේ. ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය නිසා අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ යයි. මෙය කිසිසේත්ම නිවැරදි ක්‍රියාදාමයක් නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වතු සමාගම්වලට අයත් රජයේ ඉඩම්වල පොල් වගාවට සීමා නොවී එළවළු වගාවට ඇති හැකියාව සොයා බැලීමට ද අවධානය යොමු විය.

ආර්ථික මධ්‍යස්ථාන ඇති කළේ පාරිභෝගික ජනතාවට සහ සුළු වෙළෙඳුන්ට සහන සැලසීමට වුවද ඒවා මහා පරිමාණ වෙළෙඳුන් යටතට පත්වීමෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ද අවධානයට යොමු විය. යුද හමුදාවේ ද සහය ඇතිව එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ප්‍රදේශ කිහිපයක වී ගබඩා අළුත්වැඩියා කර තිබේ. සෙසු වී ගබඩා ද කඩිනමින් පිළිසකර කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මොරගහකන්ද – කළුගග ව්‍යාපෘතියේ පදිංචිකරුවන්ගේ ගැටලු පිළිබදව ද සාකච්ඡා කෙරිණි. ඒවාට දිය හැකි කඩිනම් විසඳුම් සහ කොන්ත්‍රාත් සමාගම් වෙත කළයුතු ගෙවීම් නිසි අයුරින් නොකිරීම නිසා මතුව ඇති ගැටලු ද සාකච්ඡා කරනු ලැබීය.

උමා ඔය වැනි ව්‍යාපෘති ආරක්ෂා කිරීමට ඒ ආශ්‍රිතව රක්ෂිත ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *