Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ගුරු විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට යයි

ගුරු විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට යයි

ගුරු විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට ඇති වී තිබෙන ගැටලුවලට ලබන මස 02වන දින වන විට විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට කටයුතු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

අදාළ ගැටලු විසඳන ලෙස ඉල්ලා මේ මස 22වැනි දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බවත් මෙම ක්‍රියාමාර්ගය ලබන මස 02වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර දින 03ක කාලයක් ගත වී තිබුණත් අදාළ ගැටලු විසඳීම පිළිබඳව වෘත්තීය සමිති සමග බලධාරීන් සාකච්ඡාවක්වත් පවත්වා නොමැති බවත් මෙවර ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් 02වන දිනෙන් පසු වැඩවර්ජන විරෝධතා ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද පැවසීය.

අකුරට වැඩ කිරීම යටතේ පාසල් වේලාවෙන් පසුද, සතිඅන්තයේ දිනවල හා නිවාඩු දිනවලද විෂය පරිබාහිර කටයුතු සිදුනොකරන බවත් වට්ස්ඇප් සමූහ හරහා බලධාරීන් සමග රාජකාරි කටයුතු සිදුකිරීමේ කටයුතුවලින්ද ඉවත්ව සිටින බවද සඳහන් කළේය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම යටතේ තුනෙන් දෙකක කොටස ලබා දෙන ලෙසත්  පාසල් උපකරණ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් වෙන් කර පාසල් නඩත්තු කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම සිදුනොකරන ලෙසත් ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බවද පැවසීය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *