Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි

ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම යම් දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලීසියට දැනුම්දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම්දෙයි.

මෙම නෞකාවේ සිදුවූ පිපිරීමත් සමග කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති බව වාර්තා වේ.

එම කන්ටේනර් තුළ පිපිරීමට ලක්විය හැකි ද්‍රව්‍ය අඩංගු බැවින් එය ඉතාමත්ම අනතුරුදායක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගින්න වර්ධනයවීමත් සමගම නෞකාවේ සුළු පිපිරීම් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් බහාලුම් ඇතුළු වෙනත් අබලි ද්‍රව්‍ය මුහුදට එක්වී ඇත.

කැලණි ගං මෝයේ සිට මා ඔය මෝය දක්වා වූ වෙරළ කලාපය තුළ එම ද්‍රව්‍ය පා වෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.

මේ අතර නෞකාවේ පවතින ගින්න පාලනය කිරීමට සහායවීම සඳහා ඉන්දීය සහන කණ්ඩායමක් ද යොමුකර ඇත.

ඒ සඳහා ටග් යාත්‍රාවක්, ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රාවක් සහ ඩෝනියර් ගුවන් යානාවක් ද යොමුකර තිබේ.

නාවික හමුදාව සඳහන් කරන්නේ, නෞකාවේ ඉදිරිපස ඇතිවූ ගින්න මේ වනවිට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බවය.

පවතින දැඩි සුළං ප්‍රවාහය ගින්න තවත් වර්ධනයවීමට හේතුවී තිබේ.

මේ වනවිට නෞකාවේ සිටි කාර්යමණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇති බවද නාවික හමුදාව පවසයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *