ගාල්ල පොලිස් කොට්ඨාසයට අයත් ගල්වල ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
අගෝස්තු 28 වැනිදා දෙපිරිස අතර ඇති වූ ගැටුමේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තරුණයා තුවාල ලබා තිබේ.
පසුව ඔහු ගාල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
ගැටුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකුද ප්‍රතිකාර සඳහා ගාල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙපාර්ශ්වය අතර කලින් පැවති පෞද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම ගැටුම උත්සන්න වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වළව්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 29 වන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.


