ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ රතු නිවේදනයක් ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
අගෝස්තු 3 වැනිදා රාත්‍රී 8.00ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම අගෝස්තු 4 වැනිදා රාත්‍රී 8.00 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව, අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර, පැයට කිලෝමීටර් 60–70ක වේගයෙන් ඉතා තද සුළං හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නැවියන් සහ ධීවර ප්‍රජාව වැඩිදුර දැනුම්දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස උපදෙස් දී තිබේ.
මේ අතර, පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50–60 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බවද සඳහන් වේ.
අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතු කරන නැවියන් සහ ධීවර ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනාවැකි සහ අනතුරු ඇඟවීම් පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.


