ගංවතුර හා නායයෑම් අවදානමට නාවික හමුදාවේ 171 ආපදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර සහ හදිසි නායයෑම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා නාවික හමුදා සාමාජිකයන් 700 දෙනෙකුගෙන් සමන්විත ආපදා සහන කණ්ඩායම් 171ක් සීරුවෙන් තබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් අවශ්‍ය අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට සහ ඔවුන් ආරක්ෂිත ප්‍රදේශවලට යොමු කිරීමට මෙම කණ්ඩායම් සූදානම් කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහාය වීම සඳහා සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *