කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කරමින් නව බස් මාර්ග 7ක් හඳුන්වා දෙයි

වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව බස් මාර්ග හතක් හඳුන්වාදීමට Lanka Metro Transit ව්‍යාපෘතිය කටයුතු කර තිබේ.

නව බස් මාර්ග මෙසේය:

  • මාකුඹුර – පිටකොටුව – කිලෝමීටර් 23.3
  • මිලේනියම් සිටි – කොළඹ කොටුව – කිලෝමීටර් 22.3
  • කඩවත – මාකුඹුර – කිලෝමීටර් 34.8
  • දෙමටගොඩ – පානදුර – කිලෝමීටර් 28.7
  • බත්තරමුල්ල – ඒකල – කිලෝමීටර් 29.9
  • කොල්ලුපිටිය වටරවුම් මාර්ගය – කිලෝමීටර් 14
  • කැස්බෑව – පිටකොටුව – කිලෝමීටර් 35.7

මෙම පුළුල් කළ බස් මාර්ග ජාලය මගින් කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට මෙන්ම දෛනික මගීන්ගේ සමස්ත පොදු ප්‍රවාහන අත්දැකීම වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *