Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

කොළඹ නගරය තුළ භාවිතයට නොගත් ඉඩම් හිමියන්ට දඩ…

කොළඹ නගරය තුළ භාවිතයට නොගත් ඉඩම් හිමියන්ට දඩ…
Owners of unutilised land within Colombo

කොළඹ නගරය තුළ භාවිතයට නොගත් ඉඩම් හිමියන්ගෙන් කොළඹ මහ නගර සභාව (CMC) දඩ මුදලක් අය කිරීමට නියමිතය.

මෙය පසුගියදා අනුමත වූ CMC අයවැයේ ප්‍රධාන යෝජනාවක් විය.

අයවැයට අනුව මෙම ව්‍යායාමය හරහා 2023 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම රු. බිලියන 12 කි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හේමන්ත කුමාර වීරකෝන් පසුගිය සභා වාරයේදී ප්‍රශ්නයක් මතු කරමින් මෙම යෝජනාව ප්‍රායෝගික දැයි විමසා සිටියා.

සංගරාජ මාවතට පහළින් පිහිටි පී.ඩී.සිරිසේන පිටිය ආශ්‍රිත ඉඩමක් ඇතුළු කොළඹ නගරය තුළ ඉඩම් කිහිපයක් නීතිවිරෝධී ලෙස පෞද්ගලික අංශයට බදු දීමට යන බවට නම් සඳහන් කිරීමට අකමැති නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයකු චෝදනා කළේය.

“නගර සභා ආඥාපනතේ 35 සහ 37 වගන්තිවලට අනුව ඉඩමක් බදු දීමට ජනාධිපතිවරයාගේ, විෂය භාර අමාත්‍යවරයාගේ සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ,” ඔහු පැවසීය.

කෙසේ වෙතත්, සංඝරාජ මාවතේ පහළ ඉඩම සම්බන්ධයෙන් වන ගිවිසුමට අනුව, අනෙක් පාර්ශවය ගිවිසුම කඩ කළහොත් ඕනෑම අවස්ථාවක ඉඩම ලබා ගැනීමට කොළඹ නගර සභාවට හැකියාව ඇත.

තවත් වර්ධනයකදී, CMC අයවැය සම්මත වූයේ මන්ත්‍රීවරුන් 94 දෙනෙකුට පක්ෂව සහ 6 දෙනෙකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙනි. ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 19ක් පමණ පැමිණ සිටියේ නැත. එක්සත් ජාතික පක්ෂය, SJB සහය දක්වන මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *