මාස තුනක් ඇතුළත සියලුම ආගමික ස්ථානවලට කිලෝවොට් 5 ක සූර්ය පද්ධතියක් ලබා දීමට පියවර…

අඩුම තරමින් කිලෝවොට් 5ක සූර්ය පද්ධතියක් නොමිලේ ලබාදීමට මාස තුනක් ඇතුළත ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් හරහා සියලුම අඩු ආදායම්ලාභී ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ බහුතර ආගමික ස්ථානවල විදුලිය ඒකක 650කට අඩුවෙන් භාවිත කරන බවයි.

සෝලා සිස්ටම් එක දැම්මට පස්සේ ඔය වගේ ආගමික ස්ථානවල විදුලි බිල බිංදුවට එනවා.

නමුත් අතුරලියේ රතන හිමි වැනි භික්ෂූන් වහන්සේලාට අයත් විහාරස්ථානවලට සූර්යබල පද්ධති සවිකිරීමේදී එම විහාරස්ථාන සඳහා 5KW ප්‍රමාණවත් නොවන බැවින් අමතර මුදල් යෙදවීමට සිදුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *