Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී අද අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් ඇති බවය.

එම අවස්ථාවේ දී ඇති වු සිදුවීමක දී පොලීසිය ගිනිඅවි මඟින් සිය බලය පාවිච්චි කිරීමේ දී 34 හැවිරිදි සැකකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

කෙසේවෙතත් එම සිදුවීමේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද තුවාල ලබා ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුගේ මරණ පිළිබඳ විශේෂ විමර්ශනයක් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,අදාළ සැකකරු කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව ආදි පොලිස් වසම්වල සිදුවු මනුෂ්‍ය ඝාතන 7ක්, කොල්ලකෑම් 21ක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් මෙන්ම එම කටයුතු සංවිධානය කළ අයෙක් බවයි.

මොහු 2018 වසරේ දී මාතර නගරයේ රන්භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑමට නායකත්ව දී තිබු අතර, එහිදී පොලිස් නිලධාරීයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුකර තිබුණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *