Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

කොවිඩ් තෙවැනි රැල්ලේ මරණ ගණන ඉහළ ට

කොවිඩ් තෙවැනි රැල්ලේ මරණ ගණන ඉහළ ට

කොවිඩ් තුන්වන රැල්ලේ සමස්ත මරණ ගණන දින 25ක් තුළ 200 සීමාවට ළඟා වී තිබෙන බව දත්ත දෙස බැලීමේදී පෙනීයයි.

දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර මාස 03ක බිළිඳියක්ද ඒ අතරට අයත් විය.

පළමු කොවිඩ් රැල්ලේ මුල් දින 25 තුළ ආසාදිතයින් 166 දෙනෙකු වාර්තා වෙද්දී සිදුව තිබූ මරණ ගණන 05කි.

දෙවන කොවිඩ් රැල්ලේ මුල් දින 25 තුළ ආසාදිතයින් 5803 දෙනෙකු වාර්තා වෙද්දීත් එම කාලය තුළ මරණ සිදුව තිබුණේ 06ක් පමණි.

නමුත් තුන්වන කොවිඩ් රැල්ලේ මේ වනවිට ගතවී ඇති දින 25ක කාලය තුළ ආසාදිතයින් 32,344 දෙනෙකු වාර්තා වෙද්දී කොවිඩ් මරණ 194 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව ආසාදිතයින්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළයාම ඉදිරි සති කිහිපය සම්බන්ධයෙන් භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අතරවාරයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවත් ඊයේ වාර්තා විය.

එම ගණන 26කි.

කොළඹින් 08ක්, කළුතරින් 06ක් ,ගම්පහ, ගාල්ල, මහනුවර හා යාපනය දිස්ත්‍රික්කවලින් 02 බැගින් මෙන්ම අනුරාධපුරය, කුරුණෑගල, නුවරඑළිය හා මාතර දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින්ද ඊයේ වාර්තා වුණි.

ඒ අතරට වත්තේගම ප්‍රදේශයේ මාස 03ක් වයසැති බිළිඳියකද විය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *