කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි එහි සදහන් වන්නේ.
එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා තිබේ.