Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොවිඩ්-19 හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට මගේ ප්‍රණාමය – ජනපති

කොවිඩ්-19 හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට මගේ ප්‍රණාමය – ජනපති
Sri Lanka's new president Gotabaya Rajapaksa (C) gestures after addressing the nation during his swearing-in ceremony at the Ruwanwelisaya temple in Anuradhapura on November 18, 2019. - Sri Lanka's new president Gotabaya Rajapaksa was sworn in November 18 at a Buddhist temple revered by his core Sinhalese nationalist supporters, following an election victory that triggered fear and concern among the island's Tamil and Muslim minority communities. (Photo by Lakruwan WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

වර්තමානයේ රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට තම ගෞරවය හා ආචාරය පුදන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි දින පණිවුඩය නිකුත් කරමින් පවසා සිටියි.

ඔහු විසින් නිකුත් කළ එම නිවේදනය මෙසේය

“රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට මෙම ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගනිමි.

ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝය. ඒ සෑම අවස්ථාවක දීම සෘජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ රටේ වැඩ කරන ජනතාවයි. අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප කොවිඩ් 19 ද නියත වශයෙන් ජයග්‍රහණය කරන බව සහතිකය.

ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ එකමුතුකම, ශක්තිය සහ විප්ලවීය ගුණය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ලෝක වසංගත තත්ත්වය නිසා එය සමස්ත ලෝක කම්කරු ප්‍රජාවටම මෙවර අහිමිව ඇත. එසේ වුවද වඩා යහපත් හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බව මම විශ්වාස කරමි.

අපේ රජය කුමන අසීරු තත්ත්වයන් හමුවේ වුවද රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල කර නැත. අඩාල වීමට ඉඩ හරින්නේ ද නැත. එසේම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා අංශ යාවත්කාලීන කොට වැඩ කරන ජනතාවගේ ජීවන අවස්ථා සුරක්ෂිත කරයි.

පසුගිය වසරේ මැයි දින සැමරුමට මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර නිසා සීමා පැනවිණ. අප ඒ මිලේච්ඡත්වයට තිත තැබුව ද අනපේක්ෂිත ලෝක වසංගතය හමුවේ මෙවර ද මැයි දින සැමරුම් උත්සව හා පෙළපාලි නොපැවැත් වෙයි. එසේ වුවද සාධාරණ අයිතීන් උදෙසා කරන අරගලය ශක්තිමත් කළ යුතුය. ශ්‍රී ලාංකේය ජනතාවත් රටේ ආර්ථීකයත් අලූතින් ගොඩ නගන සාමූහික ප්‍රයත්නයට ජාත්‍යන්තර කම්කරු දින ප්‍රාර්ථනය ශක්තියක් වේවා! ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවට මගේ ආචාරය.!”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *