Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොරෝනා වෛරසයෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට උපදෙස් මාලාවක්

කොරෝනා වෛරසයෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට උපදෙස් මාලාවක්

කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

චීනයේ වූහාන් ප්‍රදේශයෙන් වාර්තා වී මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයකට ම පැතිර ඇති මෙම වෛරසය මින් පෙර රෝග ඇති කළ වෛරසයක් ලෙස හඳුනාගෙන නොතිබූ අතර 2019 වසරේ සිට එය කොරෝනා වෛරසය ලෙස නම් කර ඇත. මෙම රෝගයේ ප්‍රමුඛ රෝග ලක්ෂණය වශයෙන් උණ, කැස්ස, සහ උගුරේ වේදනාව දැක්විය හැකි අතර, හුස්ම ගැනීමේ අපහසුතාව, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම ද මෙහි දී සිදුවිය හැකි බවත් උග්‍ර ආසාදිතයන් සුලු ප්‍රතිශතයකට නිව්මෝනියා වැනි සංකූලතා තත්වයන් ද ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම රෝගයෙන් වැළකීමට පහත උපදෙස් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

  • දෑත් නිතර පිරිසිදුව තබා ගන්න. මේ සඳහා නිතර නිතර සබන් යොදා දෙඅත් හොඳින් සේදා පිරිසිදු කරගන්න. මේ සඳහා මධ්‍යසාර විෂබීජ නාශකයක් (Alcohol Rub) වශයෙන් ඇති දෑත් පිරිසිදුකාරක දියර ද භාවිතා කළ හැක.
  • කිවිසුම් යාමේදී හෝ කැස්ස ඇති වූ විටදී මුඛය හා නාසය ටිෂු කඩදාසියක් භාවිතයෙන්, ලේන්සුවක් භාවිතයෙන් හෝ වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ආවරණය කරන්න.
  • භාවිතා කළ ටිෂු කඩදාසි සෞඛ්‍යාරක්ෂීතව බැහැර කිරීමට වගබලා ගන්න.
  • අනවශ්‍ය ලෙස නිතර මුඛය, ඇස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න.
  • පවතින තත්ත්වය අනුව නිරෝගී පාසල් දරුවන් පාසලට පැමිණීමේ දී දෛනිකව මුහුණු ආවරණ පැළදීමේ අවශ්‍යතාවයක් නැත.

ආසාදිතයන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. තීව්‍ර ශ්වසන රෝගයකින් පෙළෙන රෝගීන් සමඟ සමීප ඇසුරෙන් හැකිතාක් වළකින ලෙසත්, එවැනි රෝගියෙකු සමඟ සමීපව කටයුතු කළ අවස්ථාවකදී දැත් හොඳින් පිරිසිදු කරගත යුතු බවත්, වන සතුන්, මියගිය හෝ ආසාදිත සත්වයින් ඇල්ලීමෙන් වළකින ලෙසත්, උණ, කැස්ස, උගුරේ වේදනාව ඇත්නම් මුහුණු ආවරණයක් පැළඳිය යුතු අතර ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගතයුතු බවත් එම උපදෙස් මගින් අවධාරණය කරයි.

එමෙන් ම මේ සම්බන්ධයෙන් කිසියම් පාසලකට වැඩිදුරටත් යම් උපදෙසක් හෝ තොරතුරු වීමසීමක් අවශ්‍ය නම් පාසලට ආසන්නයේ ම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112784872/0112784163 යන දුරකථන අංක ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාගනිමින් දැනුවත් වන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *