Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

කොරෝනා ආසාධනය වසන් කළ ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයාට හා ඔහුගේ බිරියට නඩු

කොරෝනා ආසාධනය වසන් කළ ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයාට හා ඔහුගේ බිරියට නඩු

ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (16 වැනිදා) නඩුවක් පවරා තිබේ.

ගල්කිස්ස පොලිසිය විසින් අංක බී 950/2020 යටතේ පවරා තිබෙන මෙම නඩුවට අදාළ කරුණු පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් සී.ආර්. ධර්මතිලක වෙත ඉදිරිපත් කරන ලදී. මෙම නඩුව කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක පැවැරූ පළමු නඩුවද වෙයි.

මේ වන විට නඩුවේ පළමු සැකකරු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අධිකරණයට දන්වා සිටියේය.

තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී තිබෙන බව දැනගෙන එම තොරතුරු වසන් කිරීම, සෞඛ්‍ය නිලධාරීන් ලබාදුන් උපදෙස්වලට අවනත නොවීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබේ. එමෙන්ම ඊට ආධාර අනුබල දීමෙ චෝදනාව යටතේ සැකකරුගේ බිරිඳට එරෙහිවද නඩු පවරා තිබිණි.

​රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතේ 4 වැනි සහ 6 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් කර ඇතැයිද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262,263 සහ 264 යන වගන්ති යටතට ගැනෙන වරදවල් කර ඇතැයිද චෝදනා නගමින් අදාළ සැකකරුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *