කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව කැලණි ගඟ දෙපස නිවාසවල වැසිකිළි දස දහසකට අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය කැළණි ගඟට බැහැර කෙරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටින්නේ මේ තත්වය මත කැලණි ගඟ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇති බවත්, කිතුල්ගල සිට කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා කලාපයේදී තෝරාගත් ස්ථාන 17කින් ජල සාම්පල ලබාගෙන නිරුතුරු පරීක්ෂාවට ලක් කෙරෙන බවත්ය.