කාවඩි කණ්ඩායම් 45කට දේවිනුවර පෙරහැරට යළි අවසර

පසුගිය වසරේ ඓතිහාසික දේවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට සහභාගී වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද සහභාගී වීමට අවසර ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර තිබේ.

මෙම තීරණය 27 පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ගනු ලැබීය.

මෙම සාකච්ඡාවට අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න ඇතුළු අදාළ පාර්ශ්වයන් සහභාගී වූහ.

ආරක්ෂක හේතු මත පෙරහැරේ කාවඩි නර්තන අංගය අත්හිටුවන ලෙස මීට පෙර පොලිසිය විසින් නිර්දේශයක් ඉදිරිපත් කර තිබූ අතර, එම පසුබිම යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

මේ අතර, හෙට (28) පැවැත්වීමට නියමිත දේවිනුවර පෙරහැර සඳහා අමතර පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා (STF) නිලධාරීන් යෙදවීමටද බලධාරීන් තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *